දැන් මෙහෙම කියන හදුන්නෙත්තිලා එදා මොනවද කිව්වේ. දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්නේ මැදමුලන ඉඳන් කොළඹ ජනාධිපති මන්දිරයට ඇඹුල් තියල් ගේන්න කිව්වා. හයිවේ එකෙන් ඉඩම් බෙදලා කිව්වා,මිනිස්සු බෙදලා කිව්වා.
අඩුම ගානේ අර ගෙදර බල්ලට මේ ගෙදෙට්ට එන්න බෑ.මේ ගෙදර බල්ලට ඒ ගෙදෙට්ට යන්න බෑ.බල්ලොත් වෙන් කරලා කිව්වා. හයිවේ එක අවට කිසිම කර්මාන්ත ශාලාවක් බිහිවෙලා නෑ කිව්වා. හයිවේ එකේ යන ගමන් දඩමස් එකතු කරන්න පුළුවන් කිව්වා
අන්තිමට ගිය මැයි දිනයට ආපු වනචාරී ජෙප්පෝ හයිවේ එකේ මළ මුත්‍රා දාලා,හයිවේ නීති කඩලා ඒක විනාශ කළා. හයිවේ එකට විතරක් නෙවෙයි අපේ රටේ කරන්න හදපු හැම සංවර්ධන ව්‍යාපෘතියක්ම අඩාල කළේ ජවිපෙයයි.
ඇත්තටම අපේ රටට සාපය වෙලා තිබුණේ මොකද්ද කියලා දැන් හදුන්නෙත්තිලාම ආපිට කියන්න පටන් අරන්. මේ සියල්ලටම හේතුව ජවිපෙට ඇත්ත දකින්න බැරිකම, දේශපාලන කුහකකම සහ වෛරයයි.
Lanka Newsweek © 2026